Posts

Showing posts from October, 2020
Image
  සොකරියේ වග තුග … සොකරි නාටකය වනාහි උඩරට පළාත්වලට , වන්නියට මෙන්ම සත්කෝරලයේ ඇතැම් ප්‍රදේශවලට සීමා වූ ගැමි නාටක විශේෂයකි. ( ලග්ගල , හඟුරන්කෙත හේවාහැට , තලාතුඔය , මීරුප්ප , හාරිස්පත්තුව , පානදුම්ඹර , උඩුදුම්බර) මෙම නාට්‍ය විශේෂය මුහුදුබඩ පෙදෙස්වල හෝ සාමාන්‍යයෙන් දකුණු පළාතෙහි රඟ දැක්වීම අප කිසිදිනක දැක හෝ අසා නැත. සොකරියෙහි සමස්ථ කථා පුවත සිදුවන්නේ හිටිවන කවි සංවාද හා අනුරූපන මාධ්‍යයෙනි. කණ්ඩායම් නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කෙරෙන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති. සමහර නළුවෝ වෙස්මුහුණු පළදිති. සොකරි රඟ දැක්වීම උදෙසා භාවිතා කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වශයෙන් ගැට බෙරය දැක්විය හැකිය. ඇතැම් පළාතක දවුල පරිහරණය කිරීම දැකගත හැකිය. වන්නියෙහි පමණක් උඩැක්කිය වාදනය කිරීම දැකගත හැකිය. සොකරි කථා වස්තුව පළාතෙන් පළාතට මඳ වශයෙන් වෙනස් වීම දැකගත හැකිය.  මහනුවර අවට සමහර පෙදෙස්වල මුල් කථාවට නූතන ස්වරූපයක් ආරූඪ කොට එය ගතානුගතික ත්‍රිකෝණ ප්‍රේම කථාවක් වසයෙන් නැතහොත් අඔුවක සොර මිනිසෙකු සමඟ පලායාම පිළිබඳ සුලබ පුවතක් ලෙස ඉදිරිපත් කරන බව පෙනේ. මෙසේ වූ විට සොකරි නාටකයේ මුල් ස්වර...
Image
 
  20 වැනි හිට්ලර් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම රටේ මූලික නීතිය මෙන්ම උත්තරීතර නීතියද වේ. නමුත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම හා මූලික පදනම උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලාලමින් අධිබලැති ජනාධිපතිවරයෙකු බිහිකිරීමට සූදානම් වන බව පැහැදිලි කරුණකි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අල් සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් හිට්ලර් කෙනෙකු බිහිකිරීම උදෙසා නැගෙන මහා බලවේගයකි. මෙවැනි අවස්ථා 02 ක් ලෝක ඉතිහාසය අධ්‍යනය කිරීමේදී දැකගත හැකිය                                    . v   1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීම v   1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරයක් තුලින් නැපෝලියන් බෝනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිර...