වාරණ පුරාණය …. වාරණ ඉතිහාසය ශිෂ්ඨාචාර ආරම්භය දක්වා දිව යයි. එනම් සෑම ග්‍රෝත්‍රයක් තුලම සිදු නොකළ යුතු දේ හෙවත් විරිත් , තහංචි සහ එයට අදාළ ආචාරධර්ම හා නීති පද්ධතියක් පැවතිනි.මේවා ක්‍රමානුකූලව වාරණ පද්ධති බිහිකිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරිණි. සරල අර්ථයෙන් ගත් විට වාරණ මුලාරම්භය ලෙස තහංචි දැක්විය හැකිය. එනම් තහංචිවල දිගුවක් වශයෙන් වාරණය යන සංකල්පය දැක්විය හැකිය. වාරණය යන්නෙහි වචනාර්ථය ලෙස වැළකීම , බාධක වළකන යන්නක් බව ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙසද හඳුන්වනු ලැබේ. ලිපි හෝ වාර ප්‍රකාශන , නාට්‍ය , සිනමා ආදිය පරික්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වු වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ. ( ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ) පොදුවේ ගත් කල වාරණය යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුළු යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරික්ෂා කර නොගැලපෙන දේ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම මින් අදහස් වේ. වාරණය රූපවාහිනිය , ගුවන්විදුලිය , සිනමාව සමඟ අතිශය බද්ධව පවතින අතර පොදු සමාජය තුල යම් කිස...