ඉමක් කොනක් නැති....හැඩයක් පාටක් නැති....න්‍යාය සංකල්ප නැති මෙලොව දෙයක් වේද එය ප්‍රේමය පමණකි...ප්‍රේමය කියන්නෙ සංකීර්ණ සංකල්පයක්. හරි සාපේක්ෂ සිද්ධාන්තයක්. අයිසැක් නිව්ටන්ටවත් තියා දළ සිත , සුපහන් සිත කිය කියා පතරංග කථා කියපු සිග්මන් ප්‍රොයිඩ්ටවත් විස්තර කරන්න බැරිවෙච්ච හරි අමුතු හැගීමක්. ප්‍රේමය කියන්නෙ පැහැදිලි ලෙසම සාපේක්ෂ දෙයක්. ඒ කියන්නෙ ඔබට ආදරේ දැනෙන විදියට නෙමේ මට ඒක දැනේනෙ. මට දැනෙන විදියට නෙමේ ඔබට දැනෙන්නෙ. ලෝකෙ අපි දකින අහන හැම ආදර කථාවකටම සුන්දර ආරම්භයක් වගේම හරි ලස්සන අවසානයක් තිබ්බෙ නෑ.ඒ කියන්නේ ආදරේ කරපු හැමෝම එක් වුනේවත් , එහෙම නැත්නම් වෙන් වුනේවත් නෑ. සමහරු එක් වුනා. සමහරු වෙන් වුනා. හැබැයි ඔය අතරෙ එක් වුනෙත් නැති වෙන්වුනෙත් නැති ආදර කථා තියෙන්න බැරිද ?? හරියටම කිවුවොත් ඒක පාර්ශවීය ආදර කථා. නෑ එහෙම ඒවා ඔින තරම් තිබුනා සහ තියෙනවා. ජීවිතේ කවදහරි දවසක තනිවුනු , රැවටුනු , වැරදුනු , ආදර කථා සිය දහස් ගණනක් තියෙනවා. සරලවම කිවුවොත් ආදරෙන් ඇරඔුනු , රාගයෙන් තෙත්වුනු , කඳුලින් අවසන් වුනු ප්‍රේම කථා ඕන තරම් දැනටත් ඉකි ගහනව ඇති. හරියට විශාරද අභිශේකා විමලවීරගේ ...
Posts
- Get link
- X
- Other Apps
ඉන්දියාවට දණ ගහන චීනෙට කෙදිරි ගාන ඇමරිකාවට අඩගහන අප්පගෙ අභිමානවත් නිදහස .... සමාජ ජාලෙන් අහම්බෙන් අහුලගත්ත තිත්ත වුනත් ඇත්ත කථාවක්.මේක ඇත්තටම පල කරලා තිබ්බෙ හරියටම 73 නිදහස යෙදී තිබුනු පෙබරවාරි 04. ඒ කියන්නෙ පෙරේදා දවසෙ. එදාම මේ සම්බන්ධව සංවාදයක් ඇති කරන්න ඕන කියල හිතුනත් නිදහස වෙනුවෙන් කැපවුනු, නිදහස වෙනුවෙන් මේ මහපොළොව මත මිහිදන් වුනු ජාතික වීරයන් ඉස්සරහ එහෙම සංවාදයක් ඇති කරන්න තරම් හයියක් තිබුනෙ නෑ. එදා 73 වෙනි නිදහස් උත්සවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී හරි ඉහළින් සමරනකොට නිවේදකයා කියනව මෙන්න මෙහෙම කථාවක්. "නිදහස් නිවහල් ඒකීය රාජ්‍යයක පුරවැසියන් වන අප අද මේ සමරන්නේ ......" කිය කියා මොකක්දෝ පම්පොරියක් ගැසුවා මතකය. නමුත් මෙතනදි මගේ ප්‍රශ්නය නිවේදකයා ගැන නෙමෙයි. ඔහු ගැසූ පම්පෝරිය ගැනයි. ශ්‍රී ලංකා මාතාව ගැන ජාතියක් ලෙස උදම් අනන අපි ඇත්තටම නිදහස්ද කියලා ඔය කියන පම්පෝරි තත්වෙන් මිදිලා පොඩ්ඩක් හිතලා බලන්න. නෑ අවංකම කථාව අපි තාමත් වහල්ලු. අපි තාමත් යටත්විජිතවාදීන්ගෙ වහල්ලු. රටක් නිදහස් ක...
- Get link
- X
- Other Apps
වාරණ පුරාණය …. වාරණ ඉතිහාසය ශිෂ්ඨාචාර ආරම්භය දක්වා දිව යයි. එනම් සෑම ග්‍රෝත්‍රයක් තුලම සිදු නොකළ යුතු දේ හෙවත් විරිත් , තහංචි සහ එයට අදාළ ආචාරධර්ම හා නීති පද්ධතියක් පැවතිනි.මේවා ක්‍රමානුකූලව වාරණ පද්ධති බිහිකිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරිණි. සරල අර්ථයෙන් ගත් විට වාරණ මුලාරම්භය ලෙස තහංචි දැක්විය හැකිය. එනම් තහංචිවල දිගුවක් වශයෙන් වාරණය යන සංකල්පය දැක්විය හැකිය. වාරණය යන්නෙහි වචනාර්ථය ලෙස වැළකීම , බාධක වළකන යන්නක් බව ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙසද හඳුන්වනු ලැබේ. ලිපි හෝ වාර ප්‍රකාශන , නාට්‍ය , සිනමා ආදිය පරික්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වු වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ. ( ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ) පොදුවේ ගත් කල වාරණය යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුළු යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරික්ෂා කර නොගැලපෙන දේ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම මින් අදහස් වේ. වාරණය රූපවාහිනිය , ගුවන්විදුලිය , සිනමාව සමඟ අතිශය බද්ධව පවතින අතර පොදු සමාජය තුල යම් කිස...
- Get link
- X
- Other Apps
සොකරියේ වග තුග … සොකරි නාටකය වනාහි උඩරට පළාත්වලට , වන්නියට මෙන්ම සත්කෝරලයේ ඇතැම් ප්‍රදේශවලට සීමා වූ ගැමි නාටක විශේෂයකි. ( ලග්ගල , හඟුරන්කෙත හේවාහැට , තලාතුඔය , මීරුප්ප , හාරිස්පත්තුව , පානදුම්ඹර , උඩුදුම්බර) මෙම නාට්‍ය විශේෂය මුහුදුබඩ පෙදෙස්වල හෝ සාමාන්‍යයෙන් දකුණු පළාතෙහි රඟ දැක්වීම අප කිසිදිනක දැක හෝ අසා නැත. සොකරියෙහි සමස්ථ කථා පුවත සිදුවන්නේ හිටිවන කවි සංවාද හා අනුරූපන මාධ්‍යයෙනි. කණ්ඩායම් නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කෙරෙන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති. සමහර නළුවෝ වෙස්මුහුණු පළදිති. සොකරි රඟ දැක්වීම උදෙසා භාවිතා කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වශයෙන් ගැට බෙරය දැක්විය හැකිය. ඇතැම් පළාතක දවුල පරිහරණය කිරීම දැකගත හැකිය. වන්නියෙහි පමණක් උඩැක්කිය වාදනය කිරීම දැකගත හැකිය. සොකරි කථා වස්තුව පළාතෙන් පළාතට මඳ වශයෙන් වෙනස් වීම දැකගත හැකිය. මහනුවර අවට සමහර පෙදෙස්වල මුල් කථාවට නූතන ස්වරූපයක් ආරූඪ කොට එය ගතානුගතික ත්‍රිකෝණ ප්‍රේම කථාවක් වසයෙන් නැතහොත් අඔුවක සොර මිනිසෙකු සමඟ පලායාම පිළිබඳ සුලබ පුවතක් ලෙස ඉදිරිපත් කරන බව පෙනේ. මෙසේ වූ විට සොකරි නාටකයේ මුල් ස්වර...