ඉන්දියාවට දණ ගහන

 චීනෙට කෙදිරි ගාන

 ඇමරිකාවට අඩගහන

 අප්පගෙ අභිමානවත් නිදහස ....

 සමාජ ජාලෙන් අහම්බෙන් අහුලගත්ත තිත්ත වුනත් ඇත්ත කථාවක්.මේක ඇත්තටම පල කරලා තිබ්බෙ හරියටම 73 නිදහස යෙදී තිබුනු පෙබරවාරි 04. ඒ කියන්නෙ පෙරේදා දවසෙ. එදාම මේ සම්බන්ධව සංවාදයක් ඇති කරන්න ඕන කියල හිතුනත් නිදහස වෙනුවෙන් කැපවුනු, නිදහස වෙනුවෙන් මේ මහපොළොව මත මිහිදන් වුනු ජාතික වීරයන් ඉස්සරහ එහෙම සංවාදයක් ඇති කරන්න  තරම් හයියක් තිබුනෙ නෑ. 

එදා 73 වෙනි නිදහස් උත්සවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී හරි ඉහළින් සමරනකොට නිවේදකයා කියනව මෙන්න මෙහෙම කථාවක්. "නිදහස් නිවහල් ඒකීය රාජ්‍යයක පුරවැසියන් වන අප අද මේ සමරන්නේ ......"  කිය කියා මොකක්දෝ පම්පොරියක් ගැසුවා මතකය. නමුත් මෙතනදි මගේ ප්‍රශ්නය නිවේදකයා ගැන නෙමෙයි. ඔහු ගැසූ පම්පෝරිය ගැනයි.

ශ්‍රී ලංකා මාතාව ගැන ජාතියක් ලෙස උදම් අනන අපි ඇත්තටම නිදහස්ද කියලා ඔය කියන පම්පෝරි තත්වෙන් මිදිලා පොඩ්ඩක් හිතලා බලන්න. නෑ අවංකම කථාව අපි තාමත් වහල්ලු. අපි තාමත් යටත්විජිතවාදීන්ගෙ වහල්ලු. රටක්  නිදහස් කියලා කියන්නෙ ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් නිදහස් තත්වයක් ඇති වුනාමයි. හැබැයි අපි  ඔය කාරණා තුනෙන් අඩුම එකකින්වත් නිදහස් නැති ජාතියක්. විශිෂ්ඨ කෘෂිකාර්මික ස්වයංපෝෂිත ක්‍රමයකට උරුමකම් කියපු අපි අද වෙනකොට රට හාල් නැති වුනොත් සාගතයක් ඇති වන තත්වයකට පත්වෙලා. ඒ තියා ඉදිකටුවක්වත් නිෂ්පාදනය කරගන්න බැරි හරි දීන ජාතියක් බවට පත්වෙලා. ඔක්කොම පැත්තකින් තියමුකො ශ්‍රී ලංකා කොඩියක් Made in chaina. ඉතිං යකුනේ මේකද නිදහස?? අනිත් රටවලින් යැපි යැපී ජීවත්වෙන එකද නිදහස?? වෙනත් රටවල උත්තමයෝ ඇවිත් ආර්ථික සම්බාධක පණවලා යන එකද නිදහස?

අනිත් කාරණේ අපි තාමත් යටත්විජිතවාදයේ මානසික වහල්ලු. නිකමට හිතන්න සිංහල භාෂාවටද අද ලංකාවේ වැඩි පිළිගැනීමක් තියෙන්නේ ඉංශ්‍රීසි භාෂාවටද? ලංකාවේ ස්වදේශික භාෂාව වෙච්චි සිංහල අද කොතනද තියෙන්නේ. අපි තාමත් සුද්දගෙ ඉංශ්‍රීසි භාෂාවට නෙමේද වැඩි වටිනානමක් දෙන්න. අපි වැදුම් පිදුම් කරන්නෙ ඉංශ්‍රීසි භාෂාවට නෙමෙයිද. අපි අදටත් විදේශිකයන්ගෙ රසායනාගාරවල පර්යේෂණයට ගන්න මීයෝ.කවදද අපි මේවගෙන් නිදහස්  වෙන්නෙ අන්න එදාටයි නිදහස කියන්නෙ.

අඩුම තරමෙ අපේ නීති පද්ධතියවත් නිදහස්ද‍? නෑ ඒකත් නෑ. අපි රටක් විදියට ස්වාධීන නීති පද්ධතියකටවත් උරුමකම් කියන්නෙ න‍ැති ජාතියක්.සුද්දගෙ නීතියට තමා තාම අපි වදින්නෙ.නීතියේ කෙහෙහරි තැනක තෙරෙන්නේ නැත්නම් බලන්න ඕන සුද්දගෙ නීතිය.ඕක තමා ඇත්ත තත්වෙ.

අපි නව යටත්විජිතවාදෙ පැත්තෙන් ගත්තත් හරි සාඩම්බර ජාතියක්. ඒක අද ප්‍රවෘත්තියක් බැලුවම සක්සුදස්සයෙන්ම පැහැදිලි. චීනෙ, ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් ලංකාවට හැම පැත්තෙන්ම බලපෑම් කරනවා. ලංකාවෙ සමහර කොටස් අද වෙනකොට තියන්නේ විදෙ‍්ශීය රටවල බලතල යටතේ. හම්බන්තොට වරාය හොදම උදාහරණයක්. අධිවේගී මාර්ගත් චීනෙට විකුණන්න හදන තත්වයක් තමයි තියෙන්නේ.එතකොට කල්පනා කරල බලන්න අපි මේ ජීවත් වෙන්නේ අපිටම වෙන්වුනු රටකද කියලා. බටහිර සංස්කෘතිය ඇතුලෙ ශ්‍රී ලංකාව කියන්නෙ හරි දුර්වල යටත්විජිතයක්. ආහාර පාන , අඳුම් පැළඳුම්  මේ ඔක්කොම බටහිරීකරණය වෙලා ඉවරයි. දාගැබ් මහා වැව් බැන්දේ අපියි ... කිය කියා අතීත සංස්කෘතිය ගැන උදම් අනමින් අපි කරන්නේ අපේ සංස්කෘතිය බල්ලට දාලා බටහිර සංස්කෘතියට හෝයියා ගාන එකයි. අන්තිමට අපි අපෙන්ම අහගන්න තියෙන්නෙ මෙච්චරයි. ඉතිං මේකද අපේ නිදහස? මේකද ස්වාධීනත්වය? 

 සටහන

කවී


 

Comments

  1. කවුරුත් පිලිගන්න අකමැති තිත්ත යථාර්ථය එයයි

    ReplyDelete
  2. වැදගත් ලිපියක් 👍

    ReplyDelete
  3. නිදහසේ හුස්ම ගන්න තියෙන නිදහස පොඩ්ඩක් පොශ් කරලා නීති ටික හරි ගස්සලා ගමු.. හතර වටින් බෝම්බ ගහපු රටක්.මේක.එහෙම නිදහසක් ලබපු රටක් මේක.ඒක අගය කරමු අපි.. චීනෙට දුන්නා කියයි .ඇමරිකාවට දුන්නා කියයි.ඒත් මේ රටේ ත්‍රස්තවාදී ට කොටසක් ලියලා දීලා සාම ගිවිසුම් ගැහුවේ නැහැ දැන් ඉන්න නායකයා. අපි ඒහ් නිදහස අගය කරමු.අනිත් ඒවා ටික ටික ඇති වෙයි.. කොච්චර දියුණුයි කිව්වත් අද ඇමරිකාව මිනී ක‍ඳු පිටින් වලලනවා.ඒක නෙමෙයි වෙන්න ඕන දේ. අපි හිමින් ගමනක් යන රටක්.ඒක අගය කරමු. වැදගත් හා ස‍ංවාදයට ගත හැකි.ලිපියක් මේක.keep it up.😍😘

    ReplyDelete

Post a Comment

Popular posts from this blog