20 වැනි හිට්ලර්

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම රටේ මූලික නීතිය මෙන්ම උත්තරීතර නීතියද වේ. නමුත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම හා මූලික පදනම උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලාලමින් අධිබලැති ජනාධිපතිවරයෙකු බිහිකිරීමට සූදානම් වන බව පැහැදිලි කරුණකි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අල් සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් හිට්ලර් කෙනෙකු බිහිකිරීම උදෙසා නැගෙන මහා බලවේගයකි.

මෙවැනි අවස්ථා 02ක් ලෝක ඉතිහාසය අධ්‍යනය කිරීමේදී දැකගත හැකිය                                  .

v  1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීම

v  1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරයක් තුලින් නැපෝලියන් බෝනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත්කිරීම.

                    ලංකාවේ සිදුවෙමින් පවතින්නේ එවැනිම දෙයකි. අප ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නේද හෝ අධිරාජ්‍යවාදයට නතුවීම තීරණය කරනු ලබන්නේ 20 වැනි හිට්ලර්ගේ පැවැත්ම හෝ නොපැවැත්ම මතය.

        20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් දේශපාලඥයන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුලු පිරිස් ගොනුකරන ලද සමස්ථ පෙත්සම් ප්‍රමාණය 39කි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මෙතරම් පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.20 වන සංශෝධනය 1978 ජේ.ආර් ජනාධිපතිවරයා විසින් ගෙන එන ලැබූ ඒකාධිපති ව්‍යවස්ථාව වඩා ශක්තිමත් කරමින් රාජපක්ෂ පවුල් පාලනයක් ඇති කිරීමේ මූලික තුරුම්පුවක් බව දැක්විය හැකිය.

      19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඔස්සේ සිදුකර ඇති වෙනස්කම්………………

Ø  ✔20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අගමැති ඉවත් කිරීම, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට. මීට පෙර පැවති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වූ අතර එය නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් ඉවත් කොට ඇත.

Ø ✔ ජනාධිපති පදවිය දැරීම සඳහා සුදුසුකම් ලබන වයස අවුරුදු 35 හේ සිට 30 දක්වා අඩුකර ඇති අතර අගමැතිවරයාගේ සහ කථානායකවරයාගේ බලතල අඩුකර ඇත.

Ø ✔ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද වන වගකීම ඉවත් කර ඇත. ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමිකර ඇති අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප්‍රතිපාදනය ඉවත් කර තිබේ.

Ø  ✔අමාත්‍යවරු පත් කිරීමේ පූර්ණ බලය නව ව්‍යවස්ථා කෙටුම්පත අනුව ජනාධිපතිවරයාට හිමිව ඇත.

Ø  ✔20 වන කෙටුම්පතේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම ප්‍රධානියාද වන බවය. අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා ධූරය දරන අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන්න 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර තිබේ.

Ø ✔ ජනාධිපතිවරයාට අවශ්‍යය පරිදි අමාත්‍යංශ බෙදා දීම, අමාත්‍යංශ සඳහා ඇමතිවරු පත් කිරීම සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත.

Ø ✔ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනා ව්‍යවස්ථාදායක සභාව අහෝසි කොට ඒ වෙනුවට "පාර්ලිමේන්තු සභාවක්"  පත් කිරීමට නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් හැකියාව ලබා දී ඇත.මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් බවට විශ්ලේෂකයන් පවසන අතර මෙම සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා සඳහා අගවිනිසුරු, නීතිපති, පොලිස්පති, ඉහළ අධිකරණවල විනිසුරු ඇතුලු ධූරයන් පත් කිරීම සඳහා ජනාධිපතිට අභිමතය හිමිවේ.

Ø ✔ එම පාර්ලිමේන්තු සභාව සඳහා වන නියෝජිතයින් ලෙස අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායකවරයා නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුලත් වේ.

Ø ✔ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් ලෙස සිටි ජනාධිපතිවරයාගේ නියෝජිතයා, සිවිල් සංවිධාන නියෝජිතයන් යෝජිත  නව ව්‍යවස්ථා කෙටුම්පත අනුව පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කොට ඇත.

Ø  ✔ජාතික විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ඉවතට.

Ø ✔ දැනට ව්‍යවස්ථාවේ පවතින්නේ ද්විත්ව පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවය. එහෙත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්තිය ඉවත් කර තිබේ.

මේ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඔස්සේ සිදුකර ඇති වෙනස්කම් පිළිබඳ විශ්ලේෂනාත්මකව අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කරමින් ජනාධිපතිවරයායට සම්පූර්ණ මුක්තිය ලබා දීම සහ ඒ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය හීන කිරීමක් බවයි. මෙහි පවතින විශ්මයජනක තත්වය නම් 1978 ඒකාධිපති බලතල නිර්මාණය කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන විට එයට විරුද්ධව නැගී සිටි සුදු ඇදගත් උත්තමයන්ම නැවත වරක් එම බලතල තමන් වෙත ලබාගැනීමට කටයුතු කිරීමයි. මේ  අනුව අවසාන වශයෙන් දැක්විය යුත්තේ 20 වන හිට්ලර්ට නතු වීම හෝ නොවීම මත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතිය තහවුරු වන බවයි.

Comments

Post a Comment

Popular posts from this blog