Posts

Showing posts from February, 2021
Image
  ඉමක් කොනක් නැති....හැඩයක් පාටක් නැති....න්‍යාය සංකල්ප නැති මෙලොව දෙයක් වේද එය ප්‍රේමය පමණකි...ප්‍රේමය කියන්නෙ සංකීර්ණ සංකල්පයක්. හරි සාපේක්ෂ සිද්ධාන්තයක්. අයිසැක් නිව්ටන්ටවත් තියා දළ සිත , සුපහන් සිත කිය කියා පතරංග කථා කියපු සිග්මන් ප්‍රොයිඩ්ටවත් විස්තර කරන්න බැරිවෙච්ච   හරි අමුතු හැගීමක්. ප්‍රේමය කියන්නෙ පැහැදිලි   ලෙසම සාපේක්ෂ දෙයක්. ඒ කියන්නෙ ඔබට ආදරේ දැනෙන විදියට නෙමේ මට ඒක දැනේනෙ. මට දැනෙන විදියට නෙමේ ඔබට දැනෙන්නෙ. ලෝකෙ අපි දකින අහන හැම ආදර කථාවකටම සුන්දර ආරම්භයක් වගේම හරි ලස්සන අවසානයක් තිබ්බෙ නෑ.ඒ කියන්නේ ආදරේ කරපු හැමෝම එක් වුනේවත් , එහෙම නැත්නම් වෙන් වුනේවත් නෑ. සමහරු එක් වුනා. සමහරු වෙන් වුනා. හැබැයි ඔය අතරෙ එක් වුනෙත් නැති වෙන්වුනෙත් නැති ආදර කථා තියෙන්න බැරිද ?? හරියටම කිවුවොත් ඒක පාර්ශවීය ආදර කථා. නෑ එහෙම ඒවා ඔින තරම් තිබුනා සහ තියෙනවා. ජීවිතේ කවදහරි දවසක තනිවුනු , රැවටුනු , වැරදුනු , ආදර කථා සිය දහස් ගණනක් තියෙනවා. සරලවම කිවුවොත් ආදරෙන් ඇරඔුනු , රාගයෙන් තෙත්වුනු , කඳුලින් අවසන් වුනු ප්‍රේම කථා ඕන තරම් දැනටත් ඉකි ගහනව ඇති. හරියට විශාරද අභිශේකා විමලවීරගේ ...
Image
    ඉන්දියාවට දණ ගහන  චීනෙට කෙදිරි ගාන  ඇමරිකාවට අඩගහන   අප්පගෙ අභිමානවත් නිදහස ....   සමාජ ජාලෙන් අහම්බෙන් අහුලගත්ත තිත්ත වුනත් ඇත්ත කථාවක්.මේක ඇත්තටම පල කරලා තිබ්බෙ හරියටම 73 නිදහස යෙදී තිබුනු පෙබරවාරි 04. ඒ කියන්නෙ පෙරේදා දවසෙ. එදාම මේ සම්බන්ධව සංවාදයක් ඇති කරන්න ඕන කියල හිතුනත් නිදහස වෙනුවෙන් කැපවුනු, නිදහස වෙනුවෙන් මේ මහපොළොව මත මිහිදන් වුනු ජාතික වීරයන් ඉස්සරහ එහෙම සංවාදයක් ඇති කරන්න   තරම් හයියක් තිබුනෙ නෑ.  එදා 73 වෙනි නිදහස් උත්සවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී හරි ඉහළින් සමරනකොට නිවේදකයා කියනව මෙන්න මෙහෙම කථාවක්. "නිදහස් නිවහල් ඒකීය රාජ්‍යයක පුරවැසියන් වන අප අද මේ සමරන්නේ ......"   කිය කියා මොකක්දෝ පම්පොරියක් ගැසුවා මතකය. නමුත් මෙතනදි මගේ ප්‍රශ්නය නිවේදකයා ගැන නෙමෙයි. ඔහු ගැසූ පම්පෝරිය ගැනයි. ශ්‍රී ලංකා මාතාව ගැන ජාතියක් ලෙස උදම් අනන අපි ඇත්තටම නිදහස්ද කියලා ඔය කියන පම්පෝරි තත්වෙන් මිදිලා පොඩ්ඩක් හිතලා බලන්න. නෑ අවංකම කථාව අපි තාමත් වහල්ලු. අපි තාමත් යටත්විජිතවාදීන්ගෙ වහල්ලු. රටක්   නිදහස් ක...